රට ගිය ඇඳුරන්ට සිය රට පැමිණීමේ දී සහන.

Friday, 01 March 2013 - 19:29

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%84%E0%B6%B1.

විදේශගතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යළි දිවයිනට පැමිණෙන්නේ නම් ඔවුන්ට සහන ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (01) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. විශ්වවිද්‍යාල ඇදුරන් ශිෂ්‍යත්ව සඳහා විදේශගතවීමේදී රජය සමග එළඹෙන ගිවිසුමට අනුව ඔවුන් දිවයිනට පැමිණීමේදී රජය විසින් ඔවුන් වෙනුවෙන් දැරූ වියදම් වෙනුවෙන් යම් ගෙවීමක් සිදුකළ යුතුයි.  එහෙත් ඉදිරියේ දී එම මුදල් අය කර ගැනීමේදී සහන ලබාදෙන බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.

 
[MP3]s54381_1[/MP3]                                                                               

 

විදේශ රටවලින් වෛද්‍ය උපාධිය ලබා පැමිණ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයට ඉදිරිපත් වන්නන් අසමත් කිරීම නිසා ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බැවින් ඊට විසදුම් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

 

[MP3]s54381_2[/MP3]                                                                       

 

මේ අතර, මෙම අවස්ථාවට එක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ප්‍රමාදවීමට හේතුව මෙලෙස ජනාධිපතිවරයා හමුවේ පැහැදිලි කර සිටියා.

 

[MP3]s54381_3[/MP3]