නවිපිල්ලේගේ විවේචන අසාධාරණයි. - ජර්මනිය.

Saturday, 02 March 2013 - 7:49

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%A0%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA.

ජිනිවා හි ජගත් මානව හිමිකම් සැසි වාරය ඊයේ (01) ඇමතූ ජර්මානු තානාපති හෑන්ස් ෂුමාකර් ප්‍රකාශ කළේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාව පිළිබදව සිදුකරන ප්‍රබල විවේචන සාධාරණීයකරණය කළ නොහැකි බවයි. ඇය ශ්‍රී ලංකාව අසාධාරණ විවේචනයකට ලක් කර ඇති බවයි ජිනිවා නුවර ජගත් සංවිධානයේ ජර්මානු තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ.

 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබදව ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බවට ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ මාක්ස්වාදී කමිටුව ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි ප්‍රාන්ත ලේකම් ජී. රාම ක්‍රිෂ්ණන් සඳහන් කර ඇත්තේ ජගත් මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බව ඉන්දියාව විසින් ඉල්ලා සිටිය යුතු බවයි.

 

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ ජාත්‍යන්තරය ගෙන එන යෝජනා ආණ්ඩුවට විරුද්ධව ගෙන එන බවයි. මහනුවර ප්‍රදේශයේ ඊයේ (01) පැවැති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සදහන් කළා.

 
[MP3]s54393_1[/MP3]

 

නමුත් රජය සඳහන් කරන්නේ ජාත්‍යන්තරය එවැනි යෝජනාවක් ගෙන ආ හොත් එය ආණ්ඩුවට නොව රජයටම බලපාන බවයි. මහනුවර ප්‍රදේශයේ ඊයේ (01) පැවැති උත්සවයකට එක්වෙමින් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා.

 
[MP3]s54393_2[/MP3]