නෝ ෆයර් සෝන් ජිනිවා හි තිරගත වෙයි.

Saturday, 02 March 2013 - 7:54

%E0%B6%B1%E0%B7%9D+%E0%B7%86%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

චැනල් ෆෝ නාලිකාව මගින් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාව පිළිබද වීඩියෝපටය ජිනිවා නුවර ජගත් මානව හිමිකම් සැසි වාරයේ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්ව ඉඩකඩ යටතේ ඊයේ (01) ප්‍රදර්ශනය කෙරුණා. හියුමන් රයිට්ස් වොච් ආයතනය සහ ඇම්නෙස්ට්ටී ඉන්ටර් නැෂනල් ආයතනය මෙම නෝ ෆයර් සෝන් ලෙස නම් කෙරුණු මෙම වීඩියෝ චිත්‍රපටය ජිනිවා හි ප්‍රදර්ශනය කිරිම සඳහා මූලිකත්වය ගෙන තිබෙනවා. කෙසේ නමුත් එම පියවරට ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කළා. ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාථ ආරියසිංහ මානව හිමිකම් සැසියේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් එය ප්‍රදර්ශනය නොකරන ලෙස ද ඉල්ලීමක් කර තිබුණා. කෙසේ නමුත් මානව හිමිකම් මණ්ඩලයේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා ලබාදී ඇති ඉඩකඩ යටතේ එය ප්‍රදර්ශනය කිරීමටයි පියවර ගැනුණේ. මෙමගින් ජගත් සංවිධානය සහ පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන අතර සබඳතා පිළිබද ගැටළු මතු කරන බවයි ජිනිවා හි ශ්‍රී ලංකා තානාපති රවීනාථ ආරියසිංහ පෙන්වා දෙන්නේ. මේ නිසා එවැනි රාජ්‍ය නොවන සංවිධානවලට ජගත් මානව හිමිකම් මණ්ඩලයේ වරප්‍රසාද හිමිකම් අහිමි කළ යුතු බවට ඔහු යෝජනා කර තිබෙනවා. ජිනිවා හි ශ්‍රී ලංකා තානාපතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ චැනල් ෆෝ වීඩියෝ පටය එල්.ටී.ටී.ඊ. ප්‍රචාරක ප්‍රයත්නයක් මිස අන් කිසිවක් නොවන බවයි.

 
මානව හිමිකම් සැසි වාරය ඇමතූ ඇමරිකානු නියෝජිතයන් ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව උගත් පාඩම් කොමිසම් වාර්තාවේ ඵලදායී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නිසි පියවර ගෙන නොමැති බවයි. ශ්‍රී ලංකාව ජාත්‍යයන්තර නීතිය සහ මානව හිමිකම් උල්ලංගණය කිරිම් පිළිබද මෙන්ම වගවීම පිළිබදව ද ප්‍රතිචාරයක් දැක්විය යුතු බව ඇමරිකානු නියෝජිතයන් කියා සිටියා. මෙහිදී මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ කාර්යාලය හරහා ශ්‍රී ලංකාවට සහාය වීමට හැකි බවත් ඔවුන් පවසා තිබෙනවා.