රජයේ වෛද්‍ය සංගමය විශේෂ රැස්වීමක් කැඳවයි.

Saturday, 02 March 2013 - 12:35

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ රැස්වීමක් හෙට පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ සිය ශාඛාව විසුරුවා හැරීමෙන් පසු ක්‍රියාත්මක වන ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. යළි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාව පිහිටුවීම පිළිබඳව එහිදී සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

 

[MP3]s54414[/MP3]

 
ශ්‍රේණි මාරුවීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් ජාතික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කළා. ඒ හේතුවෙන් රෝගීන්ට දැඩි අපහසුතා ඇති වූ අතර ජාතික රෝහලේ බාහිර රෝගී අංශය මෙන්ම සායන කිහිපයකද වැඩකටයුතු අඩාල වුණා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ මව් සංගමය දැනුවත් කිරීමකින් තොරව අදාල වෛද්‍යවරුන් වර්ජනය ආරම්භ කර ඇති බවයි. ඒ අනුවයි ඊයේ (01) රාත්‍රියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාව විසුරුවා හැරුනේ.