ශ්‍රී ලංකාවට එරෙහි ඡන්දයකට නොයෑමට ඉන්දියාවේ අදහසක්.

Saturday, 02 March 2013 - 18:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීම සහ වගවීමේ ක්‍රියාවලියට ජාතික වශයෙන් වැදගත් ක්‍රමවේදයක් තුළින් නිසි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් අවධාරණය කළා. මාධ්‍යවේදීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමා පසුගියදා ශ්‍රී ලංකාවට යැවූ අන්තර් ජාතික කමිටුව ද මුණ ගැසුණු බවයි. විශේෂයෙන් අන්තර් ජාතික ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාව ඵලදායිව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කී මූන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත යෝජනාවලිය ඡුන්දයකට නොගොස් එකඟතා ලියවිල්ලක් වශයෙන් අනුමත කර ගැනීමට ඉන්දීය රජය, බලාපොරොත්තු වන බව හින්දු පුවත්පත වාර්තා කළා. ඒ අනුව, අදාළ යෝජනාවලියට පක්ෂවීමට හෝ විපක්ෂ වීමට ඉන්දියාවට සිදුනොවනු ඇති බව එහි තවදුරටත් සඳහන්. විශේෂයෙන් මෙවර, ශ්‍රී ලංකාවට ද ඡන්දයකට යාමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙනී යන බවයි හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ. පසුගිය 2012 වසරේ මානව හිමිකම් සැසිවාරයේදී වෙනත් රටවල සහයෝගය ලබාගැනීමට ශ්‍රී ලංකාව දැඩි පරිශ්‍රමයක් දරනු ලැබුවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව හේතුවෙන්, බටහිර රටවල් සමඟ තිබෙන සබඳතා පළුදු කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු නොකරනු ඇති බවයි හින්දු පුවත්පත ප්‍රකාශ කළේ.