උතුර වෙනුවෙන් රටම කැප කිරීම් කළා. - ඇමති බැසිල්.

Sunday, 03 March 2013 - 18:35

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

ජිනිවා මානව හිමිකම් සමුළුවට ගොස් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිරූපයක් මවන වන්නියේ මන්ත්‍රීවරුන් පිළිබද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (03) කරුණු පැහැදිලි කිරීමක් කළා. මන්නාරම - අඩම්පන් ප්‍රදේශයේ අද (03) පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේ උතුරේ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් රටේම ජනතාව කැප කිරීම් සිදුකරන බවයි.

[MP3]s54493_1[/MP3]

උතුරේ සංවර්ධනය පමණක් නොව රටේ ජනතාව අතර ආගමික සහජීවනය මෙන්ම එකමුතුකම ද රජය ආරක්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

[MP3]s54493_2[/MP3]
 
ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී චැනල් ෆෝ නාලිකාව විකාශය කල නෝ ෆයර් සෝන් වීඩියෝ චිත්‍රපටයත් සමග ශ්‍රී ලංකාව පිළිබඳව යොමුවන ජාත්‍යන්තර අවධානය තවත් වැඩිවුණා. මේ වනවිට ඇමරිකාව ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමුළුවට යෝජනාවක් ගෙන එන බව ප්‍රකාශ කර අවසන්.

මේ අතර, ඒකාබද්ධ පොදු විපක්ෂය විසින් අද (03) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේ ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ දී ඉන්දියාවේ මෙන්ම, අනෙකුත් රටවල සහයෝගය ලබා ගැනීම ද දුෂ්කරවනු ඇති බවයි.
 
[MP3]s54493_3[/MP3]