ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊජිප්තුවට.

Sunday, 03 March 2013 - 19:11

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද (03) ඊජිප්තුවට පැමිණියා. ඒ ධුරයට පත්වීමෙන් පසු තමන්ගේ ප්‍රථම නිල චාරිකාව ආරම්භ කරමින්. ඊජිප්තුවේ මේ වනවිට පවතින දේශපාලන අස්ථාවරභාවය සම්බන්ධයෙන් මෙහිදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ අවධානය යොමු කෙරෙනු ඇති. ඊජිප්තු හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමත් සමඟ එරට තුළ ඇති වූයේ දේශපාලන අස්ථාවරභාවයක්. නව ජනාධිපති මොහොමඞ් මෝර්සි සහ ඉස්ලාමීය සංවිධාන අතර මතභේදාත්මක තත්ත්වයක් මේ වනවිට උද්ගතව තිබෙනවා. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අදාළ පාර්ශවයන් දෙක සමග මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 4 යි දශම 8ක ණය මුදලක් ඊජිප්තුවට ලබාදීම කෙරෙහි ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.