උතුරු පළාත් මැතිවරණය සැප්තැම්බර් 7 වැනිදා ප්‍රකාශයට පත්වන ලකුණු.

Monday, 04 March 2013 - 7:39

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+7+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.

උතුරු පළාත් සභා මැතිවරණය ඇතුළු තවත් පළාත් සභා කිහිපයක මැතිවරණය එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන සැප්තැම්බර් 7 වැනිදා නිල වශයෙන් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි.  යුද්ධයෙන් පසු ප්‍රථම වතාවටයි උතුරු පළාතේ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත්තේ.
 
පසුගිය වසරේ සිට උතුරු පළාතේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ මත පළවුණා. අනෙකුත් පළාත් සභාවල මැතිවරණ පැවැත්වීම කල් දමා ඇත්තේ උතුරු පළාත් සභාවේ මැතිවරණය පැවැත්වීම නිසා බවයි ජනාධිපතිවරයා ඒෂියන් ටි‍්‍රබියුන් වෙත පෙන්වා දී ඇත්තේ. උතුරට සම බලය ලබාදීම මෙහි මූලික අරමුණ බවද  ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා නියෝගයක් ලබාදුන් පසු මැතිවරණ කොමසාරිස් සතියක් ඇතුළත මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ යුතු බවද ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories