අර්බුදය අවසන්. ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුමට එකඟවේ.

Monday, 04 March 2013 - 7:42

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B7%9A.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමට එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය පවසනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් සිය වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටළුව පිළිබද ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී, සනත් ජයසූරිය සහ ගිවිසුම් අත්සන් නොකළ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරයි. සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය.

[MP3]s54508_1[/MP3]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැවති ගිවිසුම පසුගිය 28 වැනිදායින් අවසන් වුණා. ඉදිරි වර්ෂය සඳහා නැවත ගිවිසුම අත්සන් කිරීමට පෙරේදා දිනය වනතෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දී තිබුණා. කෙසේ වෙතත්, ජාතික කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළු ක්‍රීඩකයන් 60 කට ආසන්න සංඛ්‍යාවක් මේ වනතුරුත් එම වාර්ෂික ගිවිසුමට අත්සන් තබා නොමැති බව සඳහන්. නව ගිවිසුමට ක්‍රීඩකයන් තවත් කොන්දේසි ඉදිරිපත් කිරීම මීට හේතු වී තිබෙනවා.  

නව ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිය වාර්ෂික ආදායමෙන් සියයට 67 ක ප්‍රතිශතයක් ක්‍රීඩකයන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා. එහෙත්, ක්‍රීඩකයන්ගේ මතය වී ඇත්තේ එය සමස්ථ ආදායමෙන් සියයට 78 ක ප්‍රතිශතයක් විය යුතු බවයි.

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් නොකිරීමට කටයුතු කිරීම අසාධාරණ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අර්ජුණ රණතුංග ඊයේ දිනයේ දී හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
 
[MP3]s54508_2[/MP3]