මානුෂීය මෙහෙයුමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රගතියක්.

Monday, 04 March 2013 - 12:53

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


මානුෂීය මෙහෙයුමෙන් පසු ශ්‍රී ලංකාව සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් පවසනවා. මහ ලේකම්වරයා මේ අදහස් පළ කළේ නිව්යෝක් නුවරදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලෙසයි. ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රගතියක් අත්කරගත යුතු බවද ජගත් මහ ලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලක් රජය  තවත් පියවරයන් රැසක් තැබිය යුතු බවයි මහ ලේකම්වරයාගේ අදහස වී ඇත්තේ. මෙහි ඇති වැදගත්කම තේරුම් ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ අතර තමිල්නාඩු සහ පුදුච්චේරි නීතීඥයින් අද උදෑසන සිට වැඩවර්ජනයක නිරතවනවා. ඒ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව රැගෙන ඒමට නියමිත යෝජනාවට ඉන්දීය රජය සහය දැක්විය යුතු බවට බල කරමින්. මෙම වැඩවර්ජනය හේතුවෙන් තමිල්නාඩු සහ පුදුච්චේරි ප්‍රදේශවල අධිකරණ කටයුතුවලට බාධා සිදුව තිබෙනවා.

මෙවර මානව හිමිකම් සමුළුවේදී බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන චෝදනාවලට විරෝධය පළ කරමින් අද උදෑසන මන්නාරම නගරයේදී විරෝධතාවයක්ද පැවැත්වුණා. විරෝධතාවයට එක්ව සිටි පුද්ගලයෙකු  හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s54524[/MP3]