නිවසේ බල්ලන් පාරේ මලපහ කළොත් ස්ථානීය දඩයක්.

Monday, 04 March 2013 - 18:52

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BD%E0%B6%B4%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් මලපහ කිරිම පිණිස මාර්ගවලට රැගෙන ගොස් පරිසරය දූෂණය කරන පුද්ගලයින්ගෙන් දඩ අය කිරිමේ ක්‍රමවේදයක් බස්නාහිර පළාත් සභාව ක්‍රියාවට නංවා තිබෙනවා. පළාත් සභාව මගින් සම්මත කර ගත් 2012 අංක 3 දරණ මහජන පීඩා වැළැක්වීමේ ප්‍රඥාප්තිය යටතේයි නව දඩ ක්‍රමය ක්‍රියාවට නැංවෙන්නේ. මීට අමතරව මහජනතාවට පීඩාවන අයුරින් මාර්ගවල රථ වාහන සේදීම සහ සීමාව ඉක්මවා අධික ශබ්දයෙන් ගුවන් විදුලි සහ රූපවාහිනී යන්ත්‍ර ක්‍රියා කරනවන පුද්ගලයින්ට ද මෙම ප්‍රඥප්තිය යටතේ දඩ අය කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු දැක්වූ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා.

 

[MP3]s54544_1[/MP3]                                                                             

 

පළමුවෙන්ම මහජනතාවට පීඩා වන අයුරින් අදාළ වැරදි සිදුකරන පුද්ගලයින්ට රුපියල් 500ත්, 3000ත් අතර ස්ථානීය දඩයක් නියම කෙරෙන අතර, ඊට අවනත නොවුණහොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරනු ඇති. මහජන පීඩා වැළැක්වීමේ ප්‍රඥාප්තිය යටතේ බලතල ක්‍රියාත්මක කරවීමේ බලය පවරා ඇත්තේ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙතයි. ඒ පිළිබදව තවදුරටත් කරුණු පැහැදිලි කළ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා.

 
[MP3]s54544_2[/MP3]