තමිල්නාඩු කොංග්‍රස් මන්ත්‍රීවරුන් රාහුල් ගාන්ධි මුණ ගැසේ.

Tuesday, 05 March 2013 - 7:51

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%9A.

ජිනිවා මානව හිමකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රදර්ශනය කෙරුණු නෝ ෆයර් සෝන් වීඩියෝ චිත්‍රපටය සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ රොඞ්නි පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ විසින් මේ වන විටත් එම දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. ඔහු සඳහන් කළේ මෙම වීඩියෝ චිත්‍රපටයේ අඩංගු තොරතුරු සහ දර්ශන සත්‍යතාවකින් තොර බැවින් මෙලෙස විදේශ තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රිකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

නෝ ෆයර් සෝන් නැමැති වීඩියෝ චිත්‍රපටය හියුමන් රයිට්ස් වොච් ආයතනය සහ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් පසුගිය සිකුරාදා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලැබුවා. ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ විසින් මෙම වීඩියෝ චිත්‍රපටය ප්‍රචාරය නොකරන ලෙස මානව හිමිකම් සමුළු බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබුණා.

මේ අතර, කිලිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (04) පැවැති උත්සවයකට එක්වෙමින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබද අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ මත ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

[MP3]s54560[/MP3]

මේ අතර, තමිල්නාඩු කොංග්‍රස් මන්ත්‍රීවරුන් පිරිසක් කොංග්‍රස් පක්ෂ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි ඊයේ (04) හමුවී තිබෙනවා. පී. චිදම්බරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම මන්ත්‍රීවරුන් පිරිස එහිදී රාහුල් ගාන්ධිගෙන් ඉල්ලා ඇත්තේ ජිනිවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ප්‍රකාශ කරන ලෙසයි. මෙරට දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඉන්දියාව දැඩි ස්ථාවරයක සිටිය යුතු බවයි ඔවුන් සදහන් කර ඇත්තේ. මෙවර ජිනිවා මානව හිමිකම් සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ කාර්යාලය මුලින් ප්‍රකාශ කළා. එහෙත් ඒ පිළිබද අවසන් තීරණයකට එළඹී නොමැති බවයි ජිනිවා හිදී ඔවුන් කියා සිටියේ.