මෙවර ක්‍රිකට් සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් තිලංග සුමතිපාලට එරෙහිව ගොනු කර ඇති චෝදනා විමර්ශනයට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව ඊයේ පළමු වරට රැස් වුණා. තිලංග සුමතිපාල විසින් භාර දුන් නාම යෝජනාවට එරෙහිව විරෝධතා ගොනු කර තිබුණේ බදුරලිය, කෑගල්ල සහ සෙබස්තියනයිට්ස් යන මෙරට ප්රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 3ක් විසින්. තිලංග සුමතිපාල විසින් රේස් බුකි ව්‍යාපාරයක් පවත්වාගෙන යාම, මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය දැරීම සහ ක්‍රීඩා භාණ්ඩ අලෙවි නියෝජිත ආයතනයක් පවත්වාගෙන යාම ඇතුළු කරුණු රැසක් එම විරෝධතාවයන්හි ඇතුළත්ව තිබුණා. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේ ඉන් අනතුරුවයි. බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා සහ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයේ අජිත් කුරේ ඊයේ (04) මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටි අතර කෑගල්ල ක්‍රීඩා සමාජයේ සභාපති උපාලි සෙනෙවිරත්න නීතිඥවරයෙකු මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණා. කමිටුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා.
[MP3]s54592_1[/MP3]
තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය සඳහා තරග වැදීමෙන් සිදුවන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අගාධයකට යාම පමණක් බව මෙරට බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අදහසයි. මේ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් කිහිප දෙනෙක්.
[MP3]s54592_2[/MP3]