වන අලි ගැටළුවලට ස්ථීර විසඳුමක් ඉල්ලා පුත්තලමේ ගම්මාන කිහිපයක ජනතාව අද (05) පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කොට්ටුකච්චිය විද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ හේතුවෙන් ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා සිදුවූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කොට්ටුකච්චිය, බෝගහයාය, පලූගස්වැව සහ මැල්ලම්කුලම යන ගම්මානවල ජනතාවයි මෙම උද්ඝෝෂණයට එක්ව සිටියේ. වන අලි ගම්වැදීම නිසා තමන්ට සිදුවන හිරිහැර වලට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. උද්ඝෝෂණයේ දී අදහස් දැක්වූ ගම්වැසියන් කිහිප දෙනෙක්.
[MP3]s54602[/MP3]