හියුගෝ චාර්වේස් ලොව හැර යයි.

Wednesday, 06 March 2013 - 7:33

%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B7%9D+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

වසර 14ක් පුරා වෙනිසියුලාව පාලනය කළ හියුගෝ චාර්වේස් ඊයේ (05) අභාවප්‍රාප්ත වුණා. ඊයේ රාත්‍රී ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බවයි වෙනිසියුලානු උප ජනාධිපති නිකොලස් මදුරේ නිළ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ. වසරක කාලයක් පුරා හියුගෝ චාර්වේස් දරුණු පෙනහලූ පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා වින්දා. ඔහු මීට පෙර මාස ගණනාවක් කියුබාවේ ප්‍රතිකාර ලැබූ අතර, ශල්‍යකර්ම ගණනාවකටම ලක් කරනු ලැබුවා. පැවැති රෝගී තත්ත්වය උත්සන්නවීමත් සමගම හදිසියේ ඇති වූ දැඩි ශ්වසන අපහසුතාවක් හේතුවෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට හියුගෝ චාර්වේස් 58 වියේ පසුවුණා. ලොව විප්ලවීය වාමාංශික නායකයෙකු ලෙසයි හියුගෝ චාර්වේස් සැලකෙන්නේ.