කොළඹ උද්ඝෝෂණයකට පැමිණි උතුරේ පිරිසක් මඟ නවතයි.

Wednesday, 06 March 2013 - 12:44

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.



කොළඹ අද (06) සංවිධානය කර තිබූ විරෝධතාවයකට පැමිණි උතුරේ වැසියන් පිරිසක් පොලිසිය විසින් වවුනියාව ප්‍රදේශයේදී නවතා තිබෙනවා. නිදහසේ වේදිකාව නමැති සංවිධානය විසින් මෙම විරෝධතාවය අද සංවිධානය කර තිබුණේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලදීයි. යුධ සමයේදී අතුරුදන් වූ බව කියන තම ඥාතීන් සොයා දෙන ලෙස රජයට බලකිරීම මෙම විරෝධතාවය පැවැත්වීමේ අරමුණ වනවා. කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්.සරවනභවන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම විරෝධතාවයට වවුනියාවේ සිට බස් රථවලින් ගමන් කිරීමට සූදානම් වූ දෙමළ වැසියන් පිරිසකට පොලිසියෙන් බාධා එල්ල වූ බවයි.

 
[MP3]s54658[/MP3]

 

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් පොලිසියෙන් විමසීමක් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ මෙම පිරිසට අතරමඟදී ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරු මත ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.  

 
මේ අතර, යුද සමයේදී අතුරුදන්වූ හමුදා සෙබලූන් සහ අනෙකුත් සිවිල් වැසියන් පිළිබඳ සොයන්නැයි ඉල්ලමින් තවත් උද්ඝෝෂණයක් කොළඹදී අද පැවැත්වුණා. නෙලූම්පොකුණ රඟහල අසලින් ආරම්භ වූ විරෝධතා පාගමන කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා ගමන් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ. එහිදී උද්ඝෝෂකයන් කොළඹ ජගත් සංවිධාන කාර්යාලයට සංදේශයක් ද භාර දුන්නා.