ජනපතිගේ ප්‍රධානත්වයෙන් දකුණෙන් උතුරට සාම පාගමනක් ඇරඹේ.

Wednesday, 06 March 2013 - 12:50

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලූ රටවලට දීර්ඝ කාලීන සාමය පතා සිදුකෙරෙන තරුණ සාම පාද යාත්‍රාව අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම කිරිවෙහෙරින් ආරම්භ වුණා. මෙම සාම පා ගමන අප්‍රේල් 6 වැනි දා යාපනයේ නාගවිහාරයෙන් අවසන් වීමට නියමිතයි. යුද්ධය නිමා කර රටට සාමය උදාකරවීම සඳහා ජීවිත පූජා කළ රණවිරුවන් ඇතුළු සියලූ දෙනා සිහිපත් කිරීම ද මෙම සාම පාද යාත්‍රාවේ ප්‍රධාන අරමුණක්. මේ සඳහා තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, තාරුණයට හෙටක් යන සංවිධානය ද ඉන්දියාව සහ රටවල් කිහිපයක ආගමික නායකයින් 250 දෙනෙකු පමණ ද මේ සඳහා සහභාගි වනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා එහි සිටින හිරු කතරගම වාර්තාකරු නිමලසේන දේවප්‍රිය.

 

[MP3]s54661[/MP3]