ශ්‍රී ලංකාවේ ගැටළුව මානුෂික ප්‍රශ්නයක්. ඉන්දියාව කියයි.

Wednesday, 06 March 2013 - 18:47

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව මානුෂීය  ප්‍රශ්නයක් මිස අභිමානය පිළිබඳ ගැටළුවක් නොවන බව ඉන්දියාව ප්‍රකාශ කළා. එරට විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මේ බව ප්‍රකාශ කළේ යැයි වාර්තා කළේ ඉන්දීය හින්දු පුවත්පතයි. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පොදු එකඟතාවයකට පැමිණිය යුතුයි. එය දෙමළ ජනතාව සමග සාකච්ඡා කර ලබාගත යුතු විසඳුමක් බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව සමග එකඟත්වයකින් කටයුතු කිරීම මගින්  ශ්‍රී ලංකාවට අදාළ ගැටලූ නිරාකරණය කරගත හැකි බව තමන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාට ප්‍රකාශ කළේ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර තමිල්නාඩුවේ - මදුරෙයි හි පිහිටි මිහින් ලංකා ගුවන් සේවයේ කාර්යාලයට අද පස්වරුවේ ගල් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පී ටී අයි පුවත් සේවය සඳහන් කළේ ආදි තමිලර් පෙරවෙයි සහ නාම් තමිලර් නම් සංවිධාන විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අතරතුර එම ප්‍රහාරය එල්ලවී ඇති බවයි. එහිදී කලහකාරී ලෙස උද්ඝෝෂනයේ යෙදුනු පුද්ගලයින් තිස්දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය පිළිබඳව කරුණු පැහැදිළි කළා.

[MP3]s54683_1[/MP3]                 

කෙසේ වෙතත් අකුරැස්සේ පැවති රැස්වීමකදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ඇතමුන් ජිනීවා හරහා ආණ්ඩු පෙරලීමට උත්සාහ කරන බවයි.
 
[MP3]s54683_2[/MP3]