හලාල්වලට එරෙහි වූ මුස්ලිම්වරුන්ට මරණ තර්ජන.

Wednesday, 06 March 2013 - 18:49

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.

හලාල් සහතිකය අවශ්‍ය බව ප්‍රකාශ කරන උලමාවරුන් දරන අදහසට විරුද්ධ අදහසක් ප්‍රකාශ කිරීම හේතුවෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි මුස්ලිම් පෝරමය පවසනවා. එහි ලේකම් අසීස් නිසාර්දීන් පැවසුවේ තම සංවිධානය හලාල් සහතිකය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය දරන මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීම ඊට හේතුව බවයි. මේ සම්බන්ධයෙන් හෙට දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

[MP3]s54684_1[/MP3]           

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ හලාල් සහතිකය මුදලට විකිණීමෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ශුද්ධ වූ කුරාණයේ වගන්ති උල්ලංඝණය කර ඇති බවයි.

[MP3]s54684_2[/MP3]                  

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව වෙත එල්ලකරන චෝදනා පිළිබඳව අදහස් දැනගැනීම සඳහා එහි නියෝජිතයෙකු සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories