විරෝධතා වැළැක්වූ බවට ඇමරිකාවේ අප්‍රසාදය.

Thursday, 07 March 2013 - 7:28

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA.



යුද සමයේදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සිය ගණනක් කොළඹට පැමිණීමේ ගමන බලධාරින් විසින් වවුනියාවේ නැවැත්වීම පිළිබඳව සිය අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය පවසනවා. යුධ සමයේදී අතුරුදන් වූ බව කියන තම ඥාතීන් සොයා දෙන ලෙස රජයට බලකිරීම සඳහා කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලදී මෙම විරෝධතාවය පැවැත්වීමටයි නිදහසේ වේදිකාව සංවිධානය කටයුතු යොදා තිබුණේ.  දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ විරෝධතාවයට වවුනියාවේ සිට බස් රථවලින් ගමන් කිරීමට සූදානම් වූ දෙමළ වැසියන්ට පොලිසියෙන් බාධා එල්ල වූ බවයි. හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළා. එම කාර්යාලය කියා සිටියේ මෙම පිරිසට අතරමඟදී ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරු මත ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බවයි.

 
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රටවැසියන් වන මෙම පිරිසටද නිදහසේ ගමන් සඳහා අවසර දෙන ලෙස තමන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි. ජිනීවා හි ජගත් මානව හිමිකම් මණ්ඩල යෝජනා මගින් ඇමරිකාව සිය ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු කරන්නේ මෙවන් ස්වාධීනත්වයන් ආරක්ෂා කරදීම සඳහා බවත් එම නිවේදනයේ සඳහන්. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් සභාවේ නිර්දේශ ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු අතර, එමගින් නිර්දේශ කර ඇති පරිදි අතුරුදන් වූවන් පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසද ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories