නීති විභාගයේ වෙනස ගැන අවසන් තීරණය අද.

Thursday, 07 March 2013 - 7:42

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ විෂය නිර්දේශය වෙනස් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බව යහපාලනය සඳහා වූ නීතීඥ එකමුතුව පවසනවා. එහි සභාපති නීතීඥ නීත් උදේශ් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අගවිනිසුරු මොහාන් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් සංස්ථාපිත නීති අධ්‍යයන සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිත බවයි. එම සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීන්දුවකට එළඹෙන බව සභාපතිවරයා සඳහන් කළා. ඊයේ දිනයේදී නීතිපතිවරයා වෙත මීට අදාළ සංදේශයක්ද භාරදී තිබෙනවා. අද දිනයේදි තවත් සංදේශයක් අගවිනිසුරු මොහාන් පීරිස් වෙත ලබාදෙන බවයි සභාපති නීතීඥ නීත් උදේශ් වැඩිදුරටත් සඳහන් කළේ.

[MP3]s54701[/MP3]
 
කොළඹ නීති විද්‍යාලයේ නව සිසු සිසුවියන් ලියාපදිංචි කිරීම පසුගිය පෙබරවාරි මස 1 වැනි දින ආරම්භ කළා. නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී.රොද්‍රිගු මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නීති විද්‍යාල ප්‍රවේශයේ විෂය මාලාවට කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි.
                



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories