ඉන්දියාව, ශ්‍රී ලංකාවට එරෙහි වනවාද, නැද්ද? තීරණය යෝජනාවේ වගන්ති අනුවයි.

Thursday, 07 March 2013 - 7:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%3F++%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.


ශ්‍රි ලංකාවට එරෙහිව ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරය වෙත ඉදිරිපත් කෙරෙන ඇමරිකානු යෝජනාවට ඉන්දියාව සහය දක්වන්නේද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ එහි වගන්ති අනුව බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යෝජනාවට සහය දක්වන ලෙස තමිල්නාඩුවේ සිය සහය පක්ෂය වන ඞී එම් කේ පක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි. යුද්ධයේදී ජාත්‍යන්තර නීතීන් උල්ලංගණය කළ බවට ඔවුන් ද චෝදනා කරනවා. ප්‍රභාකරන්ගේ 12හැවිරිදි පුත් බාලචන්ද්‍රන් හමුදාව විසින් ඝාතනය කළ බවට චැනල් ෆෝ නාලිකාව ප්‍රකාශයට පත් කළ ඡායාරූප පෙළ හේතුවෙන් ද මෙම විරෝධය උත්සන්න වී ඇති බව ඉන්දීය ප්‍රවෘත්ති සේවා පෙන්වා දෙනවා. කරුණානිධි ඇතුලූ තමිල්නාඩු දේශපාලන පක්ෂවල ප්‍රධාන සටන් පාඨයක් වී ඇත්තේද එයයි.  

ජගත් මානව හිමිකම් සැසිවාරය වෙත පසුගිය වසරේ ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඉන්දියාව සහය පළ කළා. කෙසේ නමුත් මෙවර ඊට ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව ඉන්දියාව නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ප්‍රකාශ කළේ  යෝජනා සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කර සියල්ලන්ටම එකඟ විය හැකි ස්ථාවරයකට පැමිණෙන ලෙස තමන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories