කොටුව දුම්රියපලේ උණුසුම් තත්ත්වයක්.

Thursday, 07 March 2013 - 12:48

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

දුම්රිය මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවක් හේතුවෙන් අද (07) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා. අද අලූයම ගාල්ලෙන් ගමන් ආරම්භ කළ සමුද්‍රදේවී කාර්යාලීය දුම්රියට, දුම්රිය ආරක්ෂක නිලධාරීන් කඩා වැදුණේ රත්මලාන දුම්රිය ස්ථානයෙන්. එහිදී ඔවුන් දුම්රියේ ගමන්ගත් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවට ලක් කළ අතර තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබාගෙන දෙවන පන්තියේ ගමන් කළ මගීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමගයි මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ. කොටුව දුම්රිය ස්ථානයට මෙම පිරිස රැගෙන ඒමෙන් අනතුරුව එහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා.

කෙසේ වෙතත් මගීන් චෝදනා කළේ මෙම කාර්යාලීය දුම්රියේ දෙවන පන්තියක් නොමැති හෙයින් තමන් මෙලෙස රඳවාගෙන සිටීම නීතිවිරෝධී බවයි.  මෙහිදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළ දුම්රිය මගීන් කිහිපදෙනෙක්.

[MP3]s54729_1[/MP3]

මගීන් නොසන්සුන් ලෙස හැසිරීම නිසා පහරකෑමට ලක්වූ දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පසුව කොළඹ ජාතික රෝහලටද ඇතුළත් කර තිබෙනවා. මගීන් කොටුව දුම්රිය ස්ථානයේ ආරක්ෂක කාර්යාලයේ වීදුරුවකටද හානි කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

කෙසේ වෙතත් දුම්රිය ආරක්ෂක නිලධාරින් මගී  කාන්තාවන්ට විවිධ හිරිහැර සිදුකළ බවට එල්ල කරන චෝදනා දුම්රිය ආරක්ෂක සේවා අධිකාරී සේනක ජයසේන ප්‍රතික්ෂේප කළා.

[MP3]s54729_2[/MP3]

සමුද්‍රදේවී කාර්යාල දුම්රියේ දෙවන පන්තියක් නොමැති බවට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අප විමසා සිටියේ දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායකගෙන්. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s54729_3[/MP3]