ත්‍රස්තවාදයට එරෙහි ජගත් සම්මුතියක් අවශ්‍යයි. ශ්‍රී ලංකාව කියයි.

Thursday, 07 March 2013 - 12:52

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පරිපූර්ණ ජාත්‍යන්තර සම්මුතියක් කඩිනමින් ඇතිකළ යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව ඒ සඳහා වන ජගත් සංවිධාන ක්‍රියාකාරී කමිටුවේද සාමාජිකයෙක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1996 වසරේ සම්මත කරගැනුණු යෝජනාවකට අනුව ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සම්මුතියක් සකස් කළ යුතුයි. ඒ සඳහා වන සාකච්ඡා සාර්ථක ලෙස නිමාවට පත් කරමින් අදාළ සම්මුතිය කඩිනමින් බලාත්මක කිරීම ශ්‍රිී ලංකාවේ අපේක්ෂාවයි. ජිනීවා නුවර දැන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකා නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන අතර මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් රැකීමට මෙරට ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව කරුණු දක්වමින්.

ලොව පුරා ත්‍රස්ත විරෝධී ක්‍රමෝපායක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය නිරන්තරයෙන් හිමිවනවා. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරමින් ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි පොදු ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකාව අවධාරණය කළා. ත්‍රස්තවාදය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවගේ මානව හිමිකම් පිළිබඳව ජගත් සංවිධාන විශේෂ නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රිී ලංකාව මේ බව පෙන්වා දී තිබෙනවා. දශක 3 කට අධික කාලයක් පැවති යුද්ධය අවසන් වූයේ මීට සිව් වසරකට පෙරයි. ලොව මෑත කාලයේ පැවති ඉතාමත් රුදුරු ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව දියත් කළේ මානුෂීය මෙහෙයුමක්. ඔවුන් පරාජය කිරීම තුළින් ශ්‍රී ලංකාව දැන් උතුරු නැගෙනහිර ජනතාවගේ ගෞරවනීයත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් ආරක්ෂා කර දී ඇති බව ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත දැනුම් දුන්නා.