කාන්තාවන් වෙනුවෙන් විපක්ෂ නායකවරයාගෙන් කොමිසමක්.

Thursday, 07 March 2013 - 12:57

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


කාන්තාවන්ට සිදුවන හිරිහැර පීඩා සෙවීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් අද කොමිසමක් පත් කරනු ලැබුවා. ඒ  හෙටට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදි අද සංවිධාන කර තිබූ  උත්සවයකට එක්වෙමින්.

[MP3]s54731_1[/MP3]                

මේ අතර අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් කාන්තා දිනයට සමගාමීව ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වූ එහි උප සභාපති සමන්මලී ගුණසිංහ මෙලෙස සිය අදහස් පළ කළා.

[MP3]s54731_2[/MP3]

මෙවර කාන්තා දිනයේ තේමාව වී ඇත්තේ ‘‘පවුල රකින ඇය සුරකිමු’’ යන්නයි. එයට සමගාමීව හෙට දිනයේදී දිවයින පුරා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ  අධ්‍යක්‍ෂිකා ආර්.ඒ. චූලානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s54731_3[/MP3]