රට ආපසු හැරවීමට කාන්තාවන්ගෙන් ඉඩක් නෑ. ජනපති

Thursday, 07 March 2013 - 12:58

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92


 
ඉතිහාසයේ විඳි දුක් මෙරට කාන්තාවන්ට මතකයේ තිබෙන තුරු රට ආපසු හැරවීමට ඉඩක් නොලැබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඊයේ මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින්. රටට එරෙහි එවැනි පියවරකදී කාන්තාවන් පෙරමුණට පැමිණෙනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.  එමෙන්ම මෙරට කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව මෙම රජය විසින් තහවුරු කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලා.