ශ්‍රී ලාංකික ව්‍යාපාරික ස්ථානවල හා ආගමික ස්ථානවල ආරක්ෂාව සහිතකයි.

Thursday, 07 March 2013 - 13:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B7%84%E0%B7%8F+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.


ඉන්දියාවේ පිහිටි සියලූම බෞද්ධාගමික ස්ථානවලට හා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් සහතිකයක් ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඊයේ තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ පිහිටි මිහින් ලංකා ගුවන් සමාගමේ කාර්යාලයට කඩාවැදුණු පිරිසක් එහි දේපළවලට පහරදී අලාභ හානි සිදුකර තිබුණා. එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවටයි පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ. මෙම සිද්ධියෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉන්දියාවේ පිහිටි බෞද්ධාගමික ස්ථානවලට හා ශ්‍රී ලාංකික ව්‍යාපාර ස්ථානවලට පූර්ණ ආරක්ෂාව සපයන ලෙස ඉන්දීය බලධාරින්ගෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම මිහින් ලංකා ගුවන් සමාගමේ කාර්යාලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ වාර්තාවක් සපයන ලෙස චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී ඇති බවද සඳහන්.  මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත තවදුරටත්  කරුණු පැහැදිළි කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් රොඞ්නි පෙරේරා.


[MP3]s54737[/MP3]

මදුරෙයි මිහින් ලංකා ගුවන් සමාගමේ කාර්යාලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළා. එහි නියෝජ්‍ය මහ කොමසාරිස් මහේෂණී කොලොන්නේ පැවසුවේ ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ බෞද්ධාගමික ස්ථානවලත් අනෙකුත් සියලූම ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව මේ වනවිටත් තරකර ඇති බවයි. එමෙන්ම මිහින් ලංකා ගුවන් සමාගමේ කාර්යාලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් චෙන්නායි හි පිහිටි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කරන බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය තවදුරටත් සඳහන් කළා.