ශ්‍රී ලංකාව ගැන ඉන්දියානු ලෝක් සභාවේ විශේෂ විවාදයක් අද.

Thursday, 07 March 2013 - 13:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF.

තමිල්නාඩු දේශපාලන පක්ෂවල බලපෑම දැඩිවද්දී ශ්‍රී ලංකාව පිළිබඳ විවාදයක් ඉන්දීය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව ලෝක් සභාවේදී අද (07) විවාදයට ගැනෙන බව ඉන්දීය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය කමල් නාත් ඊයේ දැනුම් දුන්නා. ඉන්දීය පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේදී ඊයේ ඒ පිළිබඳව ප්‍රශ්න කළේ තමිල්නාඩු ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂ මන්ත්‍රී එම්. තම්බිදුරෙයි විසින්. මෙරට යුද්ධයේදී මානව හිමිකම් උල්ලංගණය කිරීම් සිදුව ඇති බව පවසමින් තමිල්නාඩු දේශපාලන පක්ෂ මේ වනවිට දැඩි ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. ඒ සමගම බැඳුණු තවත් සිද්ධියක් වන්නේ ඝාතනයට ලක්වූ බව කියන ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන්ගේ ඡායාරූප පෙළක් චැනල් ෆෝ නාලිකාව මගින් ප්‍රකාශයට පත් කිරීමයි. මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සඳහා ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඉන්දියාව සහය දැක්විය යුතු බව තමිල්නාඩු දේශපාලන පක්ෂවල අදහසයි. ඔවුන් ඉන්දීය පාර්ලිමේන්තුව තුළද ඒ සඳහා විරෝධතාවල නිරතවන අතර ඞී.එම්.කේ. මන්ත්‍රීවරුන් පෙරේදා කළු ඇඳුමෙන් සැරසී පාර්ලිමේන්තුවට පිවිසුණා. කෙසේ නමුත් ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ එහිදී ඉදිරිපත් වන යෝජනාවේ වගන්ති සළකා බැලීමෙන් අනතුරුව පමණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං ඊයේ ප්‍රකාශ කළා. මානව හිමිකම් මණ්ඩලයේදී ඉන්දියාවේ ස්ථාවරය කුමක්දැයි පැහැදිළිව ප්‍රකාශ කරන ලෙස තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක කරුණානිධි ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව සහ ඊට ඉන්දියාව දැක්විය යුතු ප්‍රතිචාරය පිළිබඳව කොංග්‍රස් පක්ෂය තුළම මතබේද හටගෙන ඇති බව වාර්තාවනවා. කොංග්‍රස් පක්ෂයේ දෙමළ සහායක පක්ෂ නියෝජිතයන් ශ්‍රී ලංකාවට එරෙහි වන ලෙස ප්‍රකාශ කරන අතර ඔවුන් කියා සිටින පරිදි ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය නොහැකි බවයි කොංග්‍රස් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ.