ඉන්දීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව ගැන විවාදයක්.

Thursday, 07 March 2013 - 19:26

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මෙවර ජීනිවා මානව හිමිකම් සැසිවාරයේදී ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සූදානම් වන යෝජනාවට සහය දක්වන්නේද යන්න පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් අද ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳ ගැටළුව අද (07) ඉන්දීය පාර්ලිමේන්තුවේදී විවාදයට බඳුන් වූ අවස්ථාවේදීයි. පැයක පමණ කාලයක් පැවති එම විවාදයේදී ඉන්දීය විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූයේ එහි නායක යශ්වන්ත් සිංහා යි.   

[MP3]s54756_1[/MP3]

ඉන් අනතුරුව විවාදයට එක්වු ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් පැවසුවේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සමාන අයිතීන් දිනා ගැනීමට ඉන්දියාව නිරන්තරයෙන් පෙනී සිටින බවයි.   ශ්‍රී ලංකාවට යුද්ධයේදී ලබාගත නොහැකි වූ දේ, රාජ්‍ය තාන්ත්‍රිකව ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පෙන්වා දුන්නා. ඉන්දීය විදේශ අමාත්‍යවරයා අදහස් දක්වන අතරතුර ඉන්දීය විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්වීමද විශේෂත්වයක්.

මේ අතර, සමූල ඝාතන සිදුකරන ඇමරිකාවට දෙමළ ජනතාව පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් නොමැති බව ඉන්දීය එම්.ඞී.එම්.කේ. පක්ෂයේ නායක වයිකෝ හෙවත් වයි.ගෝපාල්ස්වාමි ප්‍රකාශ කළා. තමිල්නාඩු මාධ්‍ය වෙත අද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව ජීනිවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජනාවෙන් දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු නොවන බවයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද කියා සිටියේ ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට පිළිතුරු දිය හැක්කේ එය ඉදිරිපත් කිරීමෙන් පසුව බවයි.

[MP3]s54756_2[/MP3]

තමිල්නාඩු දේශපාලනඥයන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන මතවාද පිළිබඳවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසීමක් කෙරුණා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මධ්‍යම ආණ්ඩුව සමග සුහදශීලිව ගැටළු විසඳා ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි.

[MP3]s54756_3[/MP3]