බින්ලාඩන්ගේ ප්‍රකාශකයා අත්අඩංගුවට.

Friday, 08 March 2013 - 8:14

%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගේ ප්‍රකාශකයා ලෙස සැලකෙන සුලෙයිමාන් අබුගාලිත් ජොර්දානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් ඔහු ඇමෙරිකානු අත්අඩංගුවේ පසුවන බවයි ඇමෙරිකානු කොංග්‍රස් ප්‍රකාශක පීටර් කිං ඊයේ ප්‍රකාශ කළේ. සැප්තැම්බර් 11, ප්‍රහාරය වෙනුවෙන් ඉහළ දායකත්වයක් දක්වා ඇති අබුගාලිත්, බින්ලාඩන්ගේ බෑණා ද වනවා. ඔහුට එරෙහිව නිව්යෝක් නුවරදී අධිකරණ විභාගයක් සිදුකෙරෙනු ඇති. ඇමෙරිකානුවන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත ඔහු අද (08) දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි ඇමෙරිකානු කොංග්‍රස් ප්‍රකාශකයා සඳහන් කළේ.