දහම් - අසේල, පාසිකුඩා ගැටුම සමථ මණ්ඩලයට.

Friday, 08 March 2013 - 13:10

%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%85%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B6%AE+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.


අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන විසින් නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත් අසේල වෛද්‍යාලංකාරට පහරදීමේ සිද්ධිය සම්බන්ධ නඩුව වාලච්චේන සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. ඒ, වාලච්චේන දිසා අධිකරණය හමුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද කැඳවු අවස්ථාවේදීයි. සමථ මණ්ඩලය හමුවේ මෙම සිද්ධිය විභාග කිරීමෙන් පසුවඑම වාර්තාව ලබන ජුනි 20 වැනිදා අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළ බවයි එම නඩුවෙහි විත්තිකරුගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක පැවසුවේ.

 [MP3]s54800[/MP3]


පසුගියදා පාසිකුඩා වෙරළ තීරයේදී මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් විසින් සිදුකළ මෙම පහරදීමෙන් නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරගේ පුත් අසේල වෛද්‍යාලංකාර තුවාල ලබා රෝහල්ගත කෙරුණා.