සිරියානු ජනපති බෂාර් අල් අසාද්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් තමන්ට නොමැති බව රුසියාව ප්‍රකාශ කළා. එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මේ බව ප්‍රකාශ කර ඇත්තේ සාම ක්‍රියාදාමයකට පෙර සිරියානු ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට එරට විපක්ෂ ක්‍රියාකාරීන් සිදුකර ඇති ප්‍රකාශයට පිළිතුරු දෙමින්. මෙම සාම ක්‍රියාදාමය සඳහා අරාබි ලීගය සමග පැහැදිලි මැදිහත්වීමක් සිදුකරන්නේ රුසියාවයි.