ජනපති - විපක්ෂ නායක හමුවක්.

Friday, 08 March 2013 - 18:55

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් පිළිබදව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් ලෙස ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඒ, ජයවර්ධන කේන්ද්‍රයේ සංවර්ධන කටයුතු පිළිබද අරලියගහ මන්දිරයේ අද (08) පැවැති විශේෂ සාකච්ඡාවකදියි. මෙම සාකච්ඡාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙන්ම කථානායක චමල් රාජපක්ෂ ද එක්ව සිටියා. දේශපාලනය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයන සහ පර්යේෂණ සිදුකළ හැකි අධ්‍යයන කේන්ද්‍රයක් ලෙස ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය සංවර්ධනය කිරීම පිළිබදවයි මෙහිදී අවධානය යොමු වුණේ. ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ සභාපති ධුරය නිල බලයෙන් ජනාධිපතිවරයාට හිමිවන අතර, එහි නිලධාරී මණ්ඩලයට එක්සත් ජාතික පක්ෂයේ නායකයාද ඇතුළත්.

 
එම රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ කතානායකවරයා සමග සුහද සාකච්ජාවකටද විපක්ෂ නායකවරයා එක් වුණා. මේ අතර, මැල්සිරිපුර - අක්කර 50 විද්‍යාලය සහ මහනුවර - කෙංගල්ල විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (08) අරලියගහ මන්දිරයට පැමිණි අතර ඔවුන් ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා. එම අවස්ථාවේ විපක්ෂ නායකවරයාට ද ඡායාරූපයට පෙනී සිටින ලෙස ආරාධනාවක් ලැබුණු අතර ඔහු ද ඒ අනුව ඡායාරූපයට පෙනී සිටීම විශේෂත්වයක්. මෙහිදී අක්කර 50 විද්‍යාලයේ සිසු දරුවන් හවනතැන්න සහ අක්කර 50 ගම් යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ පිළිබද අවධානය යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේදීම වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ දුරකථනයෙන් අමතා ඊට අදාළ උපදෙස් ලබා දුන්නා.