බලය විමධ්‍යගත කිරීමේ පොරොන්දුව ඉටු කර නැහැ. - ඇමරිකාව

Friday, 08 March 2013 - 18:57

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80

සංහිඳියාව සඳහා අත්‍යාවශ්‍ය කරුණක් වන බලය විමධ්‍ය ගත කරන බවට ලක් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු නිසි ලෙස ඉටු කර නොමැති බව ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවේ සඳහන්. මානව හිමිකම් කොමිසමට ඇමරිකාව ගෙන එන යෝජනාවේ පළමු කෙටුම්පත ජිනිවා හිදී ඊයේ (07) බෙදා හැර තිබෙනවා.

 

කරුණු රැසකින් සමන්විත මෙම යෝජනාවේ අඩංගු මූලික කරුණු මෙසේයි.

 

[MP3]s54829_1[/MP3]

 

ඇමරිකාවේ මෙම යෝජනා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට අධ්‍යයනයක නිරත වනවා. අනතුරුව ඊට ප්‍රතිචාර දක්වන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම කියා සිටියේ.

 

කැබිනට් තීරණ දැනුම්දීමට ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේදී ද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා.

 

[MP3]s54829_2[/MP3]                                                                      

 
කෙසේ වෙතත්, ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් සාමි පවසන්නේ ඇමරිකාවට මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ගැටළුවලට මැදිහත්වීමට අයිතියක් නොමැති බවයි. මෙවැනි යෝජනාවලින් සිදුවන්නේ කොටි හිතවාදීන් එය ආයුධයක් කරගෙන ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වීම බව ද ඔහු පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ යුත්තේ ශ්‍රී ලංකාවමයි. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්  ඕ බ්ලේක් ජිනිවා නුවර දී හමුවූ අවස්ථාවේදි ඉන්දීය ජනතා පක්ෂ නායකයා මෙම අදහස් පළ කර තිබෙනවා.