ලබන සතියේ සිට සියයට 6 ක බස් ගාස්තු ඉහළ යාමක්.

Friday, 08 March 2013 - 19:00

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+6+%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ලබන සතියේ සිට බස් ගාස්තු වැඩිවීමක් සිදුවන බව බස් සංගම් ප්‍රකාශ කළා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ බස් සංගම් සහ බලධාරීන් අතර අද (08) පස්වරුවේ අවසන් වූ සාකච්ඡාවේදි මෙම එකඟතාවයට පැමිණි බවයි. බස් සංගම්වලට අමතරව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් ඊට එක්ව සිටියා. සාකච්ඡාවෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්.

 

[MP3]s54830_1[/MP3]                                                             

 

මේ අතර ආරංචි මාර්ග ප්‍රකාශ කළේ සියයට 6ත්, 7ත් අතර ප්‍රතිශතයකින් බස් ගාස්තු වැඩිකිරීම කෙරෙහි බස් හිමියන් මෙහිදී අවධානය යොමු කළ බවයි. එහිදී සියයට 6ට ආසන්න ප්‍රතිශතයකින් ගාස්තු සංශෝධනය කිරීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සුබවාදී ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඒ අනුව බොහෝදුරට ලබන සඳුදා සිට හෝ අඟහරුවාදා සිට නව බස් ගාස්තු ක්‍රියාත්මක කෙරෙනු ඇති. අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවයි අද (08) සාකච්ඡාවට එක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.  

 

[MP3]s54830_2[/MP3]                                                            

 

කෙසේ වෙතත් දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති චන්දන ද සොයිසා ප්‍රකාශ කළේ ඉන්ධන සහනාධාරයක් ලබා දීමේ හැකියාවක් නොමැති බව මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවයි. සියයට 6ක බස් ගාස්තු වැඩිවීමක් එහිදී යෝජනා වුවත් එය සියයට 8 දක්වා වැඩි කර ගැනීමේ උත්සාහයක අනෙකුත් බස් සංගම් නිරත වූ බවට  ද ඔහු චෝදනා කළා.

 

[MP3]s54830_3[/MP3]                                                                 

 

බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අප පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායකගෙන් විමසීමක් කළා.

 
[MP3]s54830_4[/MP3]