දෙමළ නායකත්වයට කතා කරන්න. - මන්මෝහන් සිං.

Saturday, 09 March 2013 - 7:59

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ තත්ත්වය පිළිබදව ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවනවා. ඔවුන්ට ගෞරවනීයත්වයක් සහ ආත්මාභිමානයක් සහිතව ජීවත් වීමට ඉඩ සැලසීම ඉන්දියාවේ අපේක්ෂාවයි. මෙහිදී ශ්‍රී ලංකාව තුළ ගැටළු පවතින බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූ විසදීමට නම් දේශපාලන සංහිඳියාවක් අත්‍යාවශ්‍යයි. ජාතික සංහිදියාවකින් තොරව තත්ත්වය සමනයවීමක් අපේක්ෂා කළ නොහැකියි. ඉන්දීය රාජ්‍ය සභාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං ඊයේ (08) මෙලෙස ප්‍රකාශ කළා. දේශපාලන විසදුමක් සදහා ලක් රජය ඉහළ පෙළේ දෙමළ නායකත්වය සමග සාකච්ඡා කළ යුතු බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ. කෙසේ නමුත් ජිනිවා නුවර මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති ඇමරිකානු යෝජනාව හෝ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් ඝාතනය කළ බවට චෝදනා කරමින් ප්‍රසිද්ධ කර ඇති ඡායාරූප පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං එරට රාජ්‍ය සභාවේදී කිසිදු අදහසක් පළ නොකළ බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.