කාදර්ගෙන් එජාපයට වෛද්‍ය සහතිකයක්.

Saturday, 09 March 2013 - 12:45

%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (09) විනය පරීක්ෂණයක් කැඳවා තිබුණා. හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දීම මෙම විනය පරීක්ෂණය කැඳවීමට හේතුවයි. කෙසේ වුවත් අද සිරිකොත මන්දිරයේ පැවති විනය පරීක්ෂනයට නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් නොපැමිණි අතර, ඒ වෙනුවට ඔහු නීතීඥයෙකු මාර්ගයෙන් ලිපියක් සහ වෛද්‍ය සහතිකයක් යොමුකර තිබෙනවා. එම ලිපියේ සඳහන් කර ඇත්තේ තමන් රෝගී  තත්ත්වයෙන් පසුවන බැවින් දින 3 ක් ඇඳ විවේක අවශ්‍ය බවට වෛද්‍ය උපදෙස් ලැබුණු බවයි. ඊට අදාළ වෛද්‍ය සහතිකයද අබ්දුල් කාදර් නියෝජ්‍ය අමාත්‍යවරයා එවා තිබූ බව එක්සත් ජාතික පක්ෂ විනය කමිටු සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළා. ඒ අනුව ඔහු පිළිබඳ විනය පරීක්ෂණය ලබන 14 වැනිදා යළි කැඳවීමට විනය පරීක්ෂණ කමිටුව තීරණය කර තිබෙනවා. හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඉදරිපත්වූ දෝෂාභියෝගයට ඡන්දය දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිදුකරන විනය පරීක්ෂනය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊයේ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

 
මේ අතර එක්සත් භික්ෂු පෙරමුණ නමින් සංවිධානයක් පැවැත්වූ රැලියකට සහභාගිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාරට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ එරෙහිව පවත්වන විනය පරීක්ෂණය ද අද පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා. ඊට රංගේ බණ්ඩාර  සහ අශෝක අබේසිංහ යන මන්ත්‍රීවරු මේ වනවිට සහභාගිවී ඇති බවටයි වාර්තාවන්නේ.