ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ජිනීවා හි සභාගත වෙයි.

Saturday, 09 March 2013 - 12:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඊයේ නිල වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඊට පෙර දින ඇමරිකාව විසින් යෝජනාව සාමාජික රටවල නියෝජිතයන් අතර බෙදා හරිනු ලැබුවා. යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ‘‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම’’ යන තේමාව යටතේයි. එය මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී විවාදයට ගැනීමට පෙර සංශෝධන සඳහා විවෘත බවයි සඳහන් වන්නේ.

 

මෙරට සිදුවී ඇතැයි කියන ජාත්‍යන්තර මානව හිිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංගනය වීම සම්බන්ධයෙන් ස්වාධීන විශ්වසනීයත්වයකින් යුත් ජාත්‍යන්තර පරික්ෂණයක් පවත්වන ලෙස ඇමරිකාව සිය යෝජනාව මගින් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටිනවා. මෙරට තවදුරටත් මානව හිමිකම් උල්ලංගණය වීම් සිදුවන අතර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ අධිකරණයේ නිදහසට බාධා පවතින බවයි  යෝජනාවේ තවදුරටත් සඳහන් වන්නේ. ඇමරිකානු යෝජනාව ලබන 21 වැනිදා ඡන්ද විමසීමකට ලක් කෙරෙනු ඇති.

 

මේ අතර එම ඡන්ද විමසීමේදී ඉන්දියාවේ ඡන්දය ප්‍රකාශ කරන කණ්ඩායම එරට රජය විසින් දැන් නම් කර තිබෙනවා. ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මේ සඳහා පත්කළ කණ්ඩායම මෙහෙයවීමට තෝරාගෙන ඇත්තේ සමාජවාදී පක්ෂ නායක මුලයාම් සිං යාදව්.

 

සිය දේශපාලන පරිනත භාවය තුළින් සමාජවාදී පක්ෂ නායකයාට ජිනීවා හිදී සමබර ආකාරයෙන් කටයුතු කළ හැකිවනු ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික භාවය සහ දෙමළ ජන ගැටළුව යන අංශ දෙක අතර සමබරතාවක් පවත්වාගෙන ඉන්දියාවේ ප්‍රතිචාර ඉදිරිපත් කිරීමට ඔහුට හැකිවනු ඇති බව සල්මාන් කුර්ෂිඞ් ගේ  අදහසයි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ මුලයාම් සිං යාදව් හිටපු මල්ලව පොර ශූරයෙක්.