චෙන්නායි නුවර අදත් විරෝධතා.

Saturday, 09 March 2013 - 20:10

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.


ඉන්දියාවේ - චෙන්නායි නුවර ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් මේ වනවිට මාරාන්තික උපවාසයක නිරතව සිටිනවා. ඇමෙරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලබන යෝජනාවට ඉන්දීය මධ්‍යම රජය සහයෝගය පළ කළ යුතු බව පවසමිනුයි ඔවුන් මෙලෙස උපවාසය ආරම්භ කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඞී.එම්.කේ. පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි මෙම පාසලට පැමිණ මෙම උපවාසය නතර කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. එහෙත් එම අවස්ථාවේ කරුණානිධිට ද සිසුන් සහ දෙමව්පියන් විරෝධය පළ කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ගෙන එනු ලබන යෝජනාවට මැලේසියානු රජය සහයෝගය පළ කළ යුතු බව එරට මානව හිමිකම් සංවිධානයක් අද ප්‍රකාශ කළා. කේ.ආරුගම් නමැත්තාගේ සභාපතීත්වයෙන් යුතු සුරම් නමැති එම මානව හිමිකම් සංවිධානය පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇතැම් බෞද්ධ සංවිධානවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ආගමික සහජීවනයට බාධා එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත්, පසුගිය මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවට මැලේසියාව ඡන්දය භාවිතයෙන් වැළකී සිටියා.

කෙසේ වෙතත්, ජිනීවා මානව හිමිකම් සමුළුවේදී රටට එරෙහි  ඕනෑම අභියෝගයට මුහුණදීමට සූදානම් බවයි රජය ප්‍රකාශ කරන්නේ. එහිදී, සිදුකෙරෙන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මහින්ද සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය වෙත පසුගියදා මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s54901[/MP3]