මහා ශිව රාත්‍රී දිනය අදයි.

Sunday, 10 March 2013 - 8:27

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

ශිව දෙවියන් නමස්කාර කරමින් සහ ශිව පාර්වතී විවාහය සිදුවූ දිනය සිහිගන්වමින් ලොව පුරා හින්දු බැතිමතුන් අද රාත්‍රියේ මහා ශිව රාත්‍රී දිනය සමරණවා. ශිව දෙවියන් විෂ්ණු සහ බ්‍රහ්ම යන දෙවිවරුන් අතර උසස් බව සම්බන්ධයෙන් මතුවූ  ගැටළුව නිරාකරණය කර දුන් දිනය ලෙසද හින්දු බැතිමතුන් අද දිනය සැමරීම විශේෂත්වයක්. ශිව රාත්‍රියේ පහන් දැල්වීම තුළින් ඔවුන් සංකේතවත් කරන්නේ මනුෂ්‍ය වර්ගයා මෝහය දුරු කර දැනුම සෙවීමට ගන්නා නිරන්තර පරිශ්‍රමයයි.

 

අදට යෙදෙන ශිව රාත්‍රී දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලාංකේය හින්දු බැතිමතුන් ශත වර්ෂ ගණනාවක් පුරා අන්‍යාගමිකයන් සමග සංහිදියාවෙන් ජීවත්වූ බවයි. සාමයේ යුගයේදී ඔවුන් සමගිය සහ අවබෝධය යන යහපත් ගුණාංග පවත්වාගෙන යෑම වැදගත් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ආග්‍රාමාත්‍ය දි මු ජයරත්න සිය ශිව රාත්‍රී දින පණිවුඩයේ සඳහන් කර තිබුණේ සියලූ ජාතීන් අතර සහජීවන බන්ධනයක් තව තවත් ඇතිවේවා යන්න තම ප්‍රාර්ථනය බවයි.