බලය බෙදාහැරීමේ ප්‍රමාදයට හේතුව දෙමළ සන්ධානයයි. ඇමරිකානු යෝජනාව ගැන රජය කියයි.

Sunday, 10 March 2013 - 13:18

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් පැහැදිළි ප්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳව තමන් කණස්සල්ලට පත්වන බව තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි පවසනවා. ශ්‍රී ලංකාව පිළිබඳව පසුගිය මාර්තු 7 වැනිදා ලෝක් සභාවේ පැවති විවාදයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ්  ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් පැහැදිළි ප්‍රකාශයක් සිදුකළේ නැහැ. ඊට විරෝධය පළ කරමින් ඞී.එම්.කේ. සහ බී.ජේ.පී. පක්ෂ සාමාජිකයන් ලෝක් සභාවෙන් පිටව ගියා. චෙන්නායි නුවර පැවති ටෙසෝ සමුළුවේදී කරුණානිධි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාවට ඉන්දියාව පැහැදිලිවම සහය පළ කළ යුතු බවයි. ඒ සඳහා රජයට බල කරමින් ලබන අඟහරුවාදා වැඩවර්ජනයක් කැඳවන බව ද කරුණානිධි ප්‍රකාශ කළා.

 

මේ අතර, රජය මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේ කටයුතු සම්බන්ධයෙන් වැනෙන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි. මේ සම්බන්ධයෙන් වන සියලූ තොරතුරු ඇතුළත් ඩිවෙලොපින් ස්ටෝරි විශේෂාංගය දැන්.

 

[MP3]s54941[/MP3]