නිදහස් පක්ෂයේ මහියංගන සංවිධායක ඉල්ලා අස්වේ.

Sunday, 10 March 2013 - 18:59

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.

මහියංගනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අනුර විදානගමගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත අද (10) භාර දුන් බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අනුර විදානගමගේ ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සත්ත්ව නිෂ්පාදනය සහ මිරිදිය ධීවර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා. තම ඡුන්ද බල ප්‍රදේශය තුළ පක්ෂ සාමාජිකයන් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් පිළිබද කලකිරී මෙම තීරණය ගත් බවයි ඌව පළාත් අමාත්‍ය අනුර විදානගමගේ කියා සිටියේ.

[MP3]s54955_1[/MP3]

කෙසේ වෙතත්, ගිරාදුරුකොට්ටේ මධ්‍ය මහා විද්‍යාලයේ අද (10) පැවැති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අනුර විදානගමගේ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
 
[MP3]s54955_2[/MP3]