දකුණේ බස් සංගම් ගාස්තු ඉහළ දැමීම ප්‍රතික්ෂේප කරයි.

Sunday, 10 March 2013 - 19:07

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඉදිරියේ දී බස් ගාස්තු ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව දකුණේ බස් සංගම් කිහිපයක් අද (10) ප්‍රකාශ කළා. දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සහ මාතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය මාතර දී මාධ්‍ය හමුවක් කැදවමිනුයි මේ බව කියා සිටියේ. පසුගිය සිකුරාදා බස් සංගම් නියෝජිතයන්, පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශ සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී තීරණය වුණේ ඉදිරියේ දී බස් ගාස්තු ඉහළ දැමීමටයි. එහිදී සියයට 6ත්, 7ත් අතර ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ දැමීමට සාකච්ඡා වුණා. කෙසේ වෙතත්, එදින පැවැති සාකච්ඡාවේදී බස් ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණයට තමන් විරෝධය පළ කළ බවයි දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති චන්දන ද සොයිසා අද (10) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

[MP3]s54957_1[/MP3]

අප මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් විමසීමක් කළා. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.
 
[MP3]s54957_2[/MP3]