හලාල් සහතිකය ගැන අවසන් තීන්දුව අද.

Monday, 11 March 2013 - 7:53

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF.

හලාල් සහතිකය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද(11) පෙරවරුවේ ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකාව තුළ හලාල් සහතිකය නිකුත් කරන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ෆාදිල් ෆාරුක් මේ බව කියා සිටියේ හලාල් සහතිකය නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි. මෙම තත්ත්වය පිළිබඳව පසුගිය සිකුරාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කළ බව ද ඔහු සඳහන් කළා.

[MP3]s54966_1[/MP3]

මේ අතර හලාල් සහතිකය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දිගින් දිගටම කරුණු පැහැදිළි කරන බොදු බල සේනා සංවිධානය ඊයේ දිනයේදීත් හලාල් සහතිකය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් කළා. ඒ මාළඹේ නගරයේදී පැවති සමුළුවකදියි. මේ එම සමුළුවට එක්වූ එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.

[MP3]s54966_2[/MP3]