සිරියාවේ සරණාගතයන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යන ලකුණු.

Monday, 11 March 2013 - 8:31

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.


පවතින අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් සිරියාවේ සරණාගතයන්ගේ සංඛ්‍යාව මේ වසර තුළ දෙගුණයක් හෝ තුන් ගුණයක් දක්වා වර්ධනය විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත කටයුතු පිළිබඳ ප්‍රධානී ඇන්ටෝනියල් ගුටේරස් පවසා ඇත්තේ සිරියාවේ දැනට පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වන ලකුණු පෙන්නුම් කරන බවයි. විශේෂයෙන් සිරියාවේ පවතින දේශපාලන අස්ථාවර භාවය මැද පෙරදිග කලාපයේම දෙදරා යාමකට හේතුවක් බවද ඔහු පෙන්වා දී තිබෙනවා. පසුගිය වසර දෙකක කාල සීමාවක් තුළ සිරියාවේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් 70 000 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ. ඊයේ දිනයේද සිරියාවේ හෝම්ස් ප්‍රදේශයේ දරුණු ගැටුම් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.