හලාල් අර්බුදය විසදේ. - එය රටේ ජයග්‍රහණයක්. - බෙල්ලන්විල නාහිමියන්.

Monday, 11 March 2013 - 19:29

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%9A.+-+%E0%B6%91%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.

හලාල් සහතිකය සම්බන්ධයෙන් පැවති මතභේදකාරි තත්ත්වය අවසන් කිරීමට හැකිවීම කිසිවෙකුගේ පරාජයක් නොවන බව පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ හලාල් සහතිකය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය කොළඹදී අද (11) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

හලාල් සහතිකය මින් ඉදිරියට මෙරට තුළ භාවිතා නොකරන බව ලංකා වානිජ මණ්ඩලය අද (11) ප්‍රකාශ කළා. එහි සභාපති සුසන්ත රත්නායක කියා සිටියේ මින් ඉදිරියට මෙරටින් අපනයනය කරන භාණ්ඩවලට පමණක් හලාල් සහතිකය නිකුත් කරනු ඇති බවයි. ඒ අනුව, හලාල් සහතිකය නොමැති භාණ්ඩ වෙළඳපොලට නිකුත් කරන ලෙස තමන් ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බව වාණිජ මණ්ඩල සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

[MP3]s54999_1[/MP3]                                                      

මෙම මාධ්‍ය හමුවට සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයින්ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ, හලාල් අංශයේ ලේකම් මොහොමඞ් මුලාෆර් කියා සිටියේ හලාල් ලාංඡුනය ජාතික සමගිය සඳහා ගැටළුවක් වේ නම් එය ඉවත් කරගැනීමට ද තමන් සූදානම් බවයි.

[MP3]s54999_2[/MP3]

මෙවැනි ගැටලූ විසඳිය යුත්තේ, බුද්ධිමත්ව බව මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් සඳහන් කළා.

[MP3]s54999_3[/MP3]

කෙසේ වෙතත්, මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි විදෙස් මාධ්‍යවේදියෙකු පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගෙන් ප්‍රශ්න කළේ බොදුබල සේනා සංවිධානය පසුගිය කාලයේදී සිදුකළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මතය කුමක් ද යන්නයි. ඊට උන්වහන්සේ දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s54999_4[/MP3]