විදේශ ප්‍රතිපත්තියේදී ඉන්දියාව, තමිල්නාඩුව නොසලකා හැරිය යුතුයි. - හින්දු පුවත්පත.

Monday, 11 March 2013 - 19:37

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD.

ඉන්දියාව, සිය විදේශ ප්‍රතිපත්ති ක්‍රමෝපාය සඳහා ප්‍රාන්ත ආණ්ඩුවලින් එල්ල වන බලපෑම් සැලකිල්ලට ගැනීම අනතුරුදායක බව ඉන්දියාවේ හින්දු පුවත්පත අද (11)
 සිය කතුවැකියෙන් අවධාරණය කළා. ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයට ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සඳහා ඡුන්දය ප්‍රකාශ කිරීමේදී ද එය වැදගත් වන බව හින්දු කතුවරයා පෙන්වා දෙනවා. ඔහු තවදුරටත් සඳහන් කළේ පසුගිය වසරේ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දියාව පක්ෂපාතී වීමෙන් ප්‍රතිඵලයක් අත්නොවූ බවයි. කෙසේ නමුත්, ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ලෝක් සභාවේදී අවධාරණය කල පරිදි ලක් රජය විසින් දේශපාලන විසඳුමක් කඩිනමින් ඉදිරිපත් කිරීම වැදගත් වන බවයි හින්දු පුවත්පත පෙන්වා දෙන්නේ. මේ අතර, ඉන්දියාවේ පයනියර් පුවත්පත සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහි ජිනිවා යෝජනාවට පක්ෂපාතීවීම ඉන්දියාවේ ජාතික අවශ්‍යතාවන්ට පටහැනි බවයි. මෙරට පැවැති යුද්ධය පිළිබද අදහස් පළ කරමින් එම පුවත්පත තවදුරටත් ප්‍රශ්න කරන්නේ මෙවැනි යෝජනාවක් ඉන්දියාවට එරෙහිව ඉදිරිපත් වුවහොත් ප්‍රතිචාරය කුමක් ද යන්නයි.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවලියට සහාය පළ කරමින් හෙට (12) තමිල්නාඩු ප්‍රාන්තයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට ටෙසෝ සංවිධානය පියවර ගෙන තිබෙනවා. මේ සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ සියලූම දේශපාලන පක්ෂවලට, සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.