තිස්සමහාරාමයේ - දෙබරවැව දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට. - 5 කට බරපතලයි.

Tuesday, 12 March 2013 - 7:45

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+-+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


තිස්සමහාරාම - දෙබරවැව - උඩුවිල ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී සිදුවූ වෙඩි තැබීමකින් හා අත්බෝම්බ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ උඩුවිල ප්‍රදේශයේ දී මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. මෙය කාලයක් තිස්සේ උඩුවිල ප්‍රදේශයේ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවටයි මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
 
ඊයේ (11) රාත්‍රියේ දී උඩුවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසකට පැමිණි පිරිසක් ඔහු නිවසින් ඉවතට ගෙන පහර දී තිබෙනවා. පසුව මෙම ගැටුම දුරදිග ගොස් දෙපාර්ශවයම එකිනෙකාට වෙඩි තබාගෙන ඇති බව සඳහන්. ගැටුම අතරවාරයේ දී එක් පාර්ශවයක පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව සඳහන්. ගැටුමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් 5 දෙනෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.