ජනපති ජපානයට ළඟා වේ.

Tuesday, 12 March 2013 - 12:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A.


 

ජපානයේ සිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ ටෝකියෝවේ හනේඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. එහිදි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ජපාන පාර්ලිමේන්තුවේ උප අමාත්‍ය මිනෝරු කියුචි සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින්. මෙම සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග සාකච්ඡා පවත්වන අතර, අකිහිතෝ අධිරාජ්‍යයා ද බැහැ දැකීමට නියමිතයි. ජපාන අධිරාජ්‍ය මාළිගයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වෙනවා.

 

අද (12) දිනය තුළ ජනාධිපතිවරයා ජපානයේ ව්‍යාපාරික සහ කර්මාන්ත ක්ෂේත්‍රවල නායකයන් හමුවන අතර, ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සමාරම්භක උත්සවය ද සහභාගි වනු ඇති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජපාන සංචාරයට සමගාමීව ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මණ්ඩලයේ රැස්වීමක් ද පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි ද හමුවනවා.