පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද ඇරඹේ.

Tuesday, 12 March 2013 - 13:14

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

16 වන බෙනඩික් පාප් වහන්සේ සිය ධුරයෙන් ඉවත්වීමත් සමග නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා කාදිනල්වරුන්ගේ ඡන්ද විමසීම අද (12) ආරම්භ වනවා. ලොව පුරා රටවලින් පැමිණි කාදිනල්වරුන් 115 දෙනෙකු වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ අද උදෑසන පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුවයි සිස්ටීන් දෙව් මැදුරේ පැවැත්වෙන ඡන්ද විමසීමට එක්වන්නේ. එහිදී නව පාප් වහන්සේ තේරීම සඳහා තුනෙන් දෙකක බහුතර කැමැත්තක් ලැබෙන තුරු දිනකට සිව් වතාවක් ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇති. කාදිනල්වරුන්ගෙන් තුනෙන් දෙකක් එනම්, ඡන්ද 77ක් හිමි කර ගන්නා කාදිනල්වරයා නව පාප් වහන්සේ ලෙස තේරී පත්වනවා. එලෙස පත් කර ගැනෙන්නේ 266 වන පාප් වහන්සේයි.

 

ලොව පුරා කෝටි 120ක් වූ කතෝලිකයන්ගේ අසහාය ආගමික නායකයානන් වන පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගත් බව සලකුණු වන්නේ කාදිනල්වරුන් රැස්වන සිස්ටීන් දේවස්ථානයේ කුළුණෙන් සුදු පැහැ දුම් රොටු ගුවනට මුසු වන විටයි. මෙවර ඉතාලි හෝ ප්‍රංශ කාදිනල්වරයෙකු පාප් පදවියට තෝරා පත් කර ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන අතර ඒ සඳහා අවස්ථාවක් ඇති ආසියාතික කාදිනල්වරයෙකු ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නම ද ඉදිරියෙන්ම සඳහන් වනවා.